Sunday, 8 September 2019
Tuesday, 3 September 2019
කොටසර පියංගල රජ මහා විහාරය
- දළදා වහන්සේගේ පහස ලැබූ කොටසර පියංගල රජ මහා විහාරය විවිධාකාරයෙ ජනප්‍රවාද වලින් පිරි පුණ්‍ය භූමියකි.ලී කොට වලින් තැනු පිළිම වහන්සේලා වැඩ සිටි බැවින් කොටසර නමින් ප්‍රසිද්ධියට පත් විය .අද එහි ඇති නටබුන් තුළ අතීත කතා නැවත මතකයේ ඇදෙමින් පවතී.
එකල දළදා වහන්සේ විසු කළ දළදා වහන්සේට පූජා කිරීමට මල් රැගෙන ඒමට වෙන් වු ගම්මාන විය....අදද ඒවා උඩමල්ලැහව ,පල්ලෙමල්ලැහව යනුවෙන් හදුන්වයි.ඌව වෙල්ලස්ස සරුවට වැඩුණු නීල කෙත් වතුද ගල ඔයේ දිය දහරින් ද මේ පුණ්‍ය භූමිය වටකරගෙන ඇත .
ආසන්න ගමක ජීවත් වු ගැමි යුවලක් විය.සැදහත් සිත් ඇති මොවුන් කොටසර විහාරයට දානේ රැගෙන යාමට සුදානම්ක වීය..
"හාමිනේ මන් මේ බැලුවෙ හෙට දිහාට පන්සලට දානේ ඩිංගක් අරන් ගියා නම් කියලා "
"ඒක හොදා මට බැරියැ මොකක් හරි හදන්ඩ ..තලප ටිකක් හැදිගාලා..
දානේ ඩිංගක් අරන් යමු"
උදැහැනැක්කෙමෙ හාමිනේ දානේ පිලියෙල කිරිමට පටන් ගත්තා ය.
"හාමිනේ ..මං පන්සල දිහාට යන්නම්..උඹ හිමින් දානේ ටික අරන් ආවා නම්."
හාමුදුරුවෝ මිදුල අමදමින් සිටින ලදහ.. මොහු හාමුදුරුවන්ට වැද නමස්කාර පසෙකට වෙන ලදි .
"අපේ හාමුදුරුවනේ ..අද පන්සලට දානේ අපේ දිහායින්..ඕං මතක් කරාන්ටත් එක්ක ආවේ.."
"ආ ඒක හොදා.."
හාමුදුරුවෝ මදක් ඉවත බලා කල්පනාවක් වැටීය..
"අපේ හාමුදුරුවෝ මොකෑ ඔය කල්පනාව "
"මන් මේ කල්පනා කලේ බුද්ධ පූජාවට වත් වතුර ගන්න විදිහක් නැ නොව..බොන්න ගන්නඩත් ඔය පල්ලෙහට යන්නම වෙනවා "
"එහෙමයි,අපේ හාන්දුරුවනේ..මේ අහලකින් ලිදක් කැපුවොත් ?"
"හොද අදහසක් තමා ..කරන්ට පුලුවන් නම් "
"ඔව්වා පහු කොරලා බැ මන් දැන්ම වැඩ ටික පටන් ගන්නම්.."
බිරිඳ එනතුරු ඔහු දඩිබිඩියෙ ලිදක් කැපිමට පටන් ගත්තේ ය.අඩි සීයකට වඩා ගැඹුරු ලිද දුටු කවුරුත් පවසන්නෙ මේ එදා ගමේ සිටි යෝදයෙක්ගේ වැඩක් කියා ය...
හාමිනේ දහවල් වන විට දානය සකසගෙන පැමිණියා ය.ඇය හාමුදුරුවන්ට වැද පසෙකට විය.
"ගම හාමිනේ ...ඕං උපසක උන්නැහේ කිව්වා විතරයි වතුර ටිකක් වත් බොන්ට විදිහක් නැ කියලා..ලිදක් කපන්ට පටන් ගත්තා නෙව....අයේ මුන්දැ වැඩක් කරොත් මන් දන්නවා නේ...ඕං ලිද කපලත් ඉවරයි .."
"අනේ...කොච්චර එකක් ද ඒක හාන්දුරුවනේ ..දළදා හාන්දුරුවන් වැඩ හිටපු තැනක් නොවැ මෙ.."
"ඔය ඉස්සෙල්ලාම වතුර ටික බුද්ධ පූජාවට වෙන්කරනවා නම් හොදයි ...උපාසක උන්නැහේ මහා පිං වැඩක් නේ කරගත්තෙ"
"එහෙමයි අපේ හාමුදුරුවනේ"
බුද්ධ පූජාව තබා මහත් සතුටකින් පැමිණි මේ යුවල ළිඳ වටා ගල් බැම්මක් බැදීමට කතිකා කර ගත්තහ.
"හාමිනේ..මේක වටේට බැදලා දැම්මා නම් තවත් හොදයි."
"ඒක හොදා..මන් අර ඉසව්වෙන් ගල් ටිකක් ගෙන එන්නම්"
මෙසේ මොවුන් දෙදෙනාගේ කැපවීමෙන් ඉමහත් උනන්දුව නිසා අඩි සීයකට වඩා ගැඹුරු ළිදක් සාදන ලදි.එදා පන්සලේ ජලය නොමැතිව පීඩා ව්දි භික්ෂූන් වහන්සේලාට මෙය මහත් අස්වැසිල්ලක් විය.අදටත් කිසිදු වෙනසක් නොවී සීතල ජලය මේ විහාරයේ පරිභෝජනය කරනු දක්නට ඇත.ප්‍රෙදේශයේ ගම්වැසියන් අදටත් මේ ක්‍රියාව නිසා ඔවුන් යෝධයන් ලෙස හදුන්වනු ලබයි.සශ්‍රීක භූමියක ඉතා හොද කාය ශක්තියක් ඇති මිනිසුන් එකල ඉදි බව අසා ඇති ජනප්‍රවාද එන කත මේ දේවල් තුලින් පසක් වේ.අදටත් පන්සලේ බුද්ධ පූජාවන් ආදී ඉවර වී යෝධයා භාවිත කළ භාන්ඩ නරඹයි..විශේෂයෙන් ම යෝධයා ආහාර ගැනීමට භාවිත කලා යැයි කියෙන තාලිය ආදිය බැලිමට අපි අමතක නොකරන්නෙමු..
Subscribe to:
Posts (Atom)

