Friday, 14 June 2019

හුදකලාව

හිත් දහසක්  මැද පීදුන
පෙම්බර හිත හිතේම තියා
හුදකලාව හා දොඩමළු
වෙන්නෙ මන් තුටින් සදා

Thursday, 13 June 2019





ලාංකීය ගීත සාහිත්‍ය වූ කලී අනේක වූ සිතුවිලි පරාසයන් ස්පර්ශ කරන රස ගුලාවකි.එය මහා වෘක්ෂයක් නම් එය අතු පතර විහිදී ගිය ශාඛා ප්‍රශාඛා රාශියකි. එකී වෘක්ෂයේ වැඩීමට හානි පමුණුවන පිළල් ද නැතුවාම නොවේ.කෙසේ වෙතත් අප මෙහිදී ඔබේ අවධානය යොමු කරනුයේ උක්ත ගීත සාහිත්‍යය නම් වෘක්ෂය පෝෂණ පක්ෂයෙහි දායක වූ වටිනා නිර්මාණකරුවකුගේ එකී ගීතයක් වෙතයි. ශාන්ත දේශබන්දු නම් සුලවතානන්ගේ ගී පද ගැලපීමට
හඬ මුසු කරවන්නේ පෙරසේම තාරැණ්්‍ය  තුළත් එකසේ ජනප්‍රිය ප්‍රවීණ සංගීතවේදී සේනානායක  වේරලියද්දයන් විසිනි. විරහව, විප්‍රලම්භය යන මනෝභාව වූ කලී සැබෑ  ප්‍රෙමයකින් පරාජිත ගැහැණු පිරිමි උභය පක්ෂයම  හොඳින් අත් විඳිනා කාරණයකි. සැබෑ සෙනෙහසකින් පරාජිත වූ ප්‍රෙමයක් කිසි කලකින් වත් පෙරළා වෛර කිරීමක් නැත. ඔහු ඒ වෙනුවට තම මනෝභාවයන් සංයමයෙන් පාලනය කරගනිති.ඔවුන්ඇ අතර ඇතැම්හු  කවියො වෙති.ඇතැම්හු මැරයෝ වෙති.

" කෙලෙස හෝ වේදනා සඟවා තබා ගමි"
 ලෙසින් සඳහන් පරිදි කථකයා ප්‍රේමයෙන් පරාජිත උත්තුංග මනසක් ඇත්තෙකි. කෙසේ වෙතත් ඔහු තම හැගීම් සමුදාය මෙලෙස පිට කළා විය  හැකිය.

''මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා කෙළ සහ හෝ වේදනා සඟවා තබා ගමි..                                                                       විරහවෙන් පීඩාවිඳි සෑම හදවතකටම ඉහත ආකල්පය පහළ වෙත් නම් ලංකාවේ නොයෙක් තැන  ප්‍රෙමය වෙනුවෙන් ජීවිත උදුරා ගැනීම යම්තාක් දුරට හෝ සීමා වනු නිසැකය.. මොහු තමන් සෙනෙහසින් පෝෂණය කළ තම පෙම්බරිය මගහැරී ගිය පසු මෙසේ ලියනු ලබයි ඔහුගෙ එකම ප්‍රාර්ථනාවක් ඇත. එනම් තමන් ළඟ තනියට ඇති වේදනාව සඟවා තබා ගැනීමටයි. ඒ සඟවා තබා ගැනීම සැබෑ ප්‍රේමයවන්තයෙකුගේ ලක්ෂණයකි. එසේ නොවුණි නම් තත්වය වෙනස් වන්නට ද ඉඩ තිබිණි....                                                                       
   "සද සෙවණේ අපි තරු ගැනලා
 ඒ තරමට පැතුමන් පුරලා
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ තාරකා වී  ඇසුරෙන් වැසී ගියෙ"
                                                                                 ඔහු වේදනාව ලඟින් තබාගෙන ඒ  උදෙසාද ප්‍රේම හිතින් තමන්ගේ පෙම්වතිය තමන් ළඟ සිටියදී ගෙවූ සුන්දර මතකය කඳුලින් වුවද ආවර්ජනාව ක යෙදෙයි. සඳ වූ කලී ප්‍රෙමයෙන් මුකුලිත සිත් සතන් තවදුරටත් ප්‍රභාමත් කරන සුමුදු ස්පර්ශයකි.. එය ප්‍රේමයෙන් පීඩිත හදවත් වලටද නෙත් කඳුළු මතුකරන එක්තරා  සංකේතයකි.මොහු සහ තම ප්‍රේමිය සඳ පායපු දවස් වලටත් එකට සෙනෙහසින් වෙලී සඳ එළිය විඳිමින් ආකාසේ අතරින්පතර නිවි නිවී දිලෙන තරු එකයි දෙකයි කියා ගැනපු ආකාරය සිතමින් මනසින් විදිනු  ලැබයි. එහෙත් ඔහු හොඳින් ම නැවත ඇය නොඑන වග දනී.. සඳ සෙවන යට තාරකා ගණන් කළ ද මොවුනට ගේහසිත ප්‍රෙමයකට අවකාශයක් නැත.


        """""අත්වැල් බැඳගෙන මංමාවත් දිග ඔහේ ඇවිද ගිය කාලය මතකද පුංචි ළදැරියක් වගේ සුරත ගෙන ඔබ හිනැහුණ ඒ කාලය මතකද? """"""                                                                          වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම රචකයා විරහව වචනයට නැගුවෙ හදවත් වලට දැනෙන ලෙස යොදාගත් උචිත වාග් මාලාව කිනි . ඒවා ගීත,කවි හෝ නිසදෙස් මගිනි. වර්තමානයේ එසේ විරහව ප්‍රකාශ  කිරීමට යොදාගනු ලබන වාග් මාලාව පිළිබඳ පිළිකුලක් ඇත ද අතරින් පතර වුව  හදවත් ආමන්ත්‍රණය කරන සුභාවිත වචන මාලාවක් මුසු නිර්මාණ ද අසන්නට ලැබීම අප ලද භාග්‍යයකි.                                                                   
   "සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා
 ඉවසා ගන්නේ කෙලෙසද මා
 යළි නෑ ආයෙ එන්නේ වෙනදා වගේ සදා"
                                                                          සැබෑ ප්‍රේමයක විරහවෙ ආශ්චර්ය්‍ය පවතින්නේම දරාගැනීමේ ප්‍රඥාව මතය.පංචේන්ද්‍රියන් මූලික නොවූ  ප්‍රෙමය මැරුණ පසුවත් පවතී. ඒ ඒකපාර්ශික වුවක් නමුදු ඔහු එය සිහි කරන්නේ වෛරයක් තුන් හිතකවත් නොසඟවමිනි. මෙම ගීතයේ සංවේදීම අවස්ථාව මෙම කොටස විය හැකිය. සුදු වැලි යට අද සැතපීලා යන යෙදුමෙන් තම පෙම්වතිය මෙලොව හැර ගොස් ඇති බව හැඟවෙයි. එය සැබෑ ප්‍රේමවන්තයෙකු ට දැරිය නොහැකි වේදනාවකි. ඔහුට ඔහුගේ ලෝකය වැසුනාක් මෙන් දිස් වේ. සැනෙන් මේ ලොව හිරුත් නැති සදුත් නැති වුවහොත් අන්ධකාරයෙ ගිලෙන්නාක් මෙනි. ඔහු බෑගෑපත්ව තම මතකය පිළිබඳ මෙනෙහි කරමින් කියනුයේ ඉවසා ගන්නේ කෙලෙසද මා ලෙසයි.                                                                       
              වෙනදා මෙන් සිනාමුසු මුහුණින් ඈ යළිත් කවදාවත් නොඑන වග ඔහුටද ප්‍රත්‍යක්ෂ යි. එහෙත් ඔහු මතකයට පෙම් බඳී. එසේ මතකයට පෙම් බැඳවුන් හුදෙකලාවේම වෙසෙති.එයම කලාවත් කරගත්හුගෙ සිත් සතන් තුළ පවතින සදාතනික සංකල්පනාවන් කවි,ගීත, නිසදැස් ලෙසින් මෙසේ සමාජයේ යහ පැවැත්ම පිණිස වාතලයට මුසු කරයි. සැබැවින්ම එය හුදකලා වුවන් ගේ දීර්ඝ හුස්මකි. එහෙයින් ප්‍රෙමය යනු විප්‍රවාසී වීමේ මරණීය වේදනාවන්ගෙන් මිරිකී රසවතකු,ලේඛකයකු,දාර්ශනිකයෙකු බිහිවන  මාර්ගයයි. ඒයම පසුකාලීනව දයාවේත් අනුස්මරණයේත් භක්තියෙත් දර්ශනයක් ව විශ්ව කේන්ද්‍රීයව පවතී.
......y..j..

Tuesday, 11 June 2019

අහස් ගැබ ගුරු පාට අරන් එන වෙලාවක ..වලාවක වැහි පොදක් ඉගි කරන වෙලාවක.. සෙනෙහසින් දොඩමළු වෙන්න මොහොතකට ...ඔබත් එනවද තල් වැට අද්දරට ..

Monday, 10 June 2019

දකින නොදකින දුරක සිටියද ගෙවන හැම හුස්මක මා විදින විදවන අරුමය ...

Sunday, 9 June 2019

හිඩස

එක් වී වෙන් වීම්
නැවත හමුවීම්
අතර තිබුණේ
නිමක් නැති
ප්‍රේමයයී

නුඹවම ..